
( මොහොමඩ් ආසික්)
ගලගෙදර පොලිස් බල ප්‍රදේශයට අයත් කුඹුරේගම ආශ්‍රිත ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වීමත් සමඟ එම ප්‍රදේශයේ ග්‍රාම නිළධාරි වසම් තුනක් සඳහා සංචරණ සීමා පනවනු ලැබ තිබේ.
ගලගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඹුරේගම, දිපලාගොඩ සහ ඈතමුල්ල යන ග්‍රාම නිළධාරි වසම් සඳහා මෙලෙස සංචරණ සීමා පනවනු ලැබ තිබේ.
මහනුවර බොක්කාවල හරංකහව මාර්ගයේ ගමන් ගන්නා බස් රථ ඇතුළු වාහන මෙම සංචරණ සීමාවට ලක්ව ඇති ප්‍රදේශය තුල නොනවත්වා ධාවනය කළ යුතු බවත් උපදෙස් ලබා දී තිබේ.
මෙයට අමතරව එම ප්‍රදේශයේ සියලු වෙළද සැල්ද වසා ඇති අතර පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කරනු ලැබ තිබේ.
නිරෝධායනයට ලක් වන පිරිස් නිරෝධායන නීති රැක ගනිමින් බාහිර සමාජයට විවෘත නොවී නිරෝධායනය වන ලෙසත් යම් කිසි රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නම් වහාම තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාට හෝ ග්‍රාම නිළධාරි මහතාට දැනුම් දෙන ලෙසත් සෞඛ්‍ය අංශ මෙන්ම පොලීසියත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

